පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතව කොරෝනා වයිරසය ආසාදිතයන් අතුරින් ඊයේ ඉකුත් 30 වැනිදා වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොටහේන ප්‍රදේශයෙන් බව කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


කොළඹ කොටහේන ප්‍රදේශයෙන් ආසාදිතයන් 37 දෙනකු වාර්තා වී ඇති අතර මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 දෙනකු වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. දෙමටගොඩ ප්‍රදේශයෙන්ම ආසාදිතයන් 20 දෙනකු, නාරාහේන්පිට ප්‍රදේශයෙන් 18 දෙනකු, මරදාන ප්‍රදේශයෙන් 15 දෙනකු පමුණුගම ප්‍රදේශයෙන් 13 දෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 10 දෙනකු, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10 දෙනකු,

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 8 දෙනකු, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 4  දෙනකු, වැල්ලචත්ත ප්‍රදේශයෙන් 3 දෙනකු, කිරුළපන ප්‍රදේශයෙන් 3 දෙනකු, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් 2 දෙනකු සහ අඟුලාන, අතුරුගිරිය, බොරැල්ල, කොල්ලුපිටිය, කුරුඳුවත්ත, මාලිගාවත්ත, ගල්කිස්ස, මෝදර, නුගේගොඩ යන ප්‍රදේශවලින් එක් ‍‍ආසාදිතයකු වශයෙන් වාර්තා වී ඇත.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් (30) වනවිට කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මීගමුව ප්‍රදේශයෙන් බවත් එය 58 දෙනකු බවත් එම මධ්‍යස්ථානය පවසයි.


යාපනය දිස්ත්‍රික්කයෙන් ඉකුත් (30) පෙරවරුව වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37ක් බවත් එය වාර්තා වන්නේ. විඩත්තෙයිපලාලි ප්‍රදේශයෙන් බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි. යාපනය දිස්ත්‍රික්කයේ ඉකුත් (30) පස්වරුව වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 66 දෙනෙකි.

(නිමන්ති රණසිංහ)