සමගි ජන බලවේගයට එරෙහිව 20වැනි සංශෝධනයට ඡන්දය ලබාදුන් සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඊට පෙර සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බවත් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
අදාළ තීරණ නීත්‍යානුකුලව ගන්නා බවත්, එවැතී තීරණ පසුගිය කාලයේ නොගත් නිසා එක්සත් ජාතික පක්ෂය කඩාවැටුණ බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (02දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ තරුණ මන්ත්‍රීවරු සියල්ල එක්ව ඉදිරි අවුරුදු පහක කාලය ගත වීමට පෙර රටේ බලය ලබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළ මහ ලේකම්වරයා,
"සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිරිසුදු අවංක, විවෘත නායකයෙක්. මේ වගේ දක්ෂ තරුණ මන්ත්‍රීවරුත් එක්ක ශක්තිමත් ගමනක් යනකොට නොයෙක් නොයෙක් කතා කියන්න හදනවා. ඇයි මේ තමන්ගේ වැරදි වහගන්න අනිත් අයට දොස් කියන්නේ. සමගි ජන බලවේගය අද මේ රටේ ශක්තිමත්ම පක්ෂය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් අය ලැජ්ජාවක් නැතිව සමගි ජන බලවේගය අපට අයිතියි කියලා. එහෙම කාටවත් අයිති නෑ. විසිඅට ලක්ෂයක ජනතාවක් ඡන්දය දුන්නේ කාටවත් අයිති නැති පක්ෂයක් කාට හරි අයිති වෙලා තිබුණා නම්, ඒ අයට මන්ත්‍රීකමක් දීලා තියෙනවා. දැන් මේකේ නායකයා සභාපති සජිත් ප්‍රේමදාස මහත්මයා. මම මේකේ ලේකම්වරයා. මේකේ මධ්‍යම කාරක සභාවේ සියල්ල ඉන්නේ අපේ පක්ෂයට ලැදී ජනතාවට ලැදි සජිත් ප්‍රේමදාස මහත්මයත් සමඟ වැඩ කරන කට්ටිය. අපි කවුරු හරි තනතුරක් තියාගෙන එහාට මෙහාට පැන්නා නම් දේශපාලන සදාචාරයක් තියෙනවා නම්,
- දිනේෂ් සමරකෝන් -
0 Comments