පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමතිනිය හෙළි කළේ කොරෝනා නිසා මියයන පුද්ගලයෙකුගේ මරණයක අවසන් කටයුතු සඳහා රුපියල් 58000 ක් වැය වන බවත්
එම වියදම මියයන අයගේ පවුලේ අය දැරිය යුතු බවත්ය.කොවිඩ්19 හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ බහාලීම සඳහා මිනීපෙටිටි ලබාදීම ඇතැම් පිරිස් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත දේහ කීපයක්ම දින කීපයක් තිස්සේ තබා ගැනීමට සිදුවී ඇතැයි ද පැවසේ. මිනී පෙට්ටියක් මිලදී ගැනීමට වත්කමක් නැතැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද ඔවුන් ප්‍රකාශ කරන්නේ සත්‍යයක් නොවන බව පෙනී යන්නේ යැයි ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ආදාහනය කිරීමට විරෝධය දැක්වීම් ලෙස, ඇතැම් පිරිස් මිනී පෙට්ටි ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කීය. පවුලේ ඥාතීන් මිනී පෙට්ටි ලබා නොදීම නිසා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඊයේ (29) පස්වරුව වන විට මළසිරුරු පහක් තිබූ බවද වාර්තා විය.
-රංජන් කස්තුරි-
0 Comments