කෝවිඩ්-19 රෝගීන් නිවෙස් තුළ මියයෑම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. කෝවිඩ් රෝගීන් නිවෙස් තුළ මිය යෑම පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයෙන්
මේ ආකාරයට නිවෙස්වල මියයෑම පිළිබඳ සිදුකරන පරීක්ෂණයේදී අදාළ මරණවලට පාදක වන වසංගත විද්‍යාත්මක හේතු හා සෞඛ්‍ය විද්‍යාත්මක හේතු තිබෙනවාද යන්න විමර්ශනය කරන බවද ඒ මහතා පවසා සිටියේය.
කෝවිඩ්-19 ආසාදනය වීම නිසා නිව්මෝනියාව වැලඳීම නිසා හෝ වෙනත් රෝග තත්වයන් උත්සන්න වීමෙන් මියයෑම සිදුවිය හැකි බවත්, මෙරට තුළින් වාර්තා වන කෝවිඩ්-19 මරණ සැලකීමේදී අදාළ මරණවලට කෝවිඩ්-19 තත්ත්වය සෘජුව හෝ වක්‍රව බලපා ඇතැයිද අප කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේය.
කෝවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ සිදුවූ මරණවලින් මරණ 08ක් පමණ සිදුවී තිබුණේ නිවසේ වීම විශේෂයකි.
- ඉන්දික හේවාවිතාරණ -
0 Comments