එල්.පී.එල්. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය හා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොග්ගල අතරමැදි කෝවිඩ්-19 වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය
අදාළ ක්‍රීඩකයන් දෙදෙනා ඊයේ (23දා) දින මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් මෙරටට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු කර තිබේ. එම පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර සඳහා කොග්ගල අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවද හෙතෙම පවසයි.
ඉන්දියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා පකිස්තාන ජාතික ක්‍රීඩකයෙකු මෙකී ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇත. මෙකී අතරමැදි කෝවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ගාල්ල මහමෝදර රෝහල මගින් පාලනය වේ.
- රවිඳු දියගහගේ -
0 Comments