නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබනවාට වඩා මරණය හොද යැයි වයිරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය වැසියන් බොහෝ දෙනකු පවසන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.  “කොවිඩ් 19' වයිරසය ආසාදනය වීම හේතුවෙන් වකුගඩු දුර්වල වීම සහ වකුගඩු රෝග, හෘදය දුර්වල වීම සහ හෘද රෝග, ස්නායු පද්ධතියට හානි වීම, ගඳ සුවඳ නොදැනීම සහ මතකය අඩුවීම, රුධිර වාහිනී පද්ධතිය අඩපණ වීම පමණක් නොව, මානසික ආබාධවලට පවා ඇතැම් සුවය ලැබූ  පිරිස් ලක් වී සිටින බව ඔක්ස්ෆර්ඩ්  විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.


වෛද්‍ය පර්යේෂ්කයෝ මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ගතවුණු මාස 6ක කාලයේ, වයිරසය ආසාදනය වී සුවය ලැබූ නිරෝගී පුද්ගලයන් 25,000කට වැඩි පිරිසක් තෝරා ගනිමින් ඔවුන් ගැන විමසිලිමත් වෙමිනි.  “කොවිඩ් 19 ආරම්භ වූයේ චීනයෙන්. එය කොරෝනා පවුලට අයත් වයිරසයක්. වයිරසයේ ජානමය සැකැසුම හඳුනා ගැනීමට සමත් වී  තිබෙනවා. කෞවිඩ් 19 වයිරසය ගැන අප දන්නේ නම් මෙපමණයි. වයිරසය සම්බන්ධයෙන් අප හරිහැටි සුලමුල දන්නේ නැහැ. එය ආසාදනය වී සුවය ලබන පිරිස් පසුකාලීනව විවිධාකාරයේ බරපතළ රෝගවලට ලක්වෙනවා. ඒ නිසා කළ යුත්තේ වයිරසය ආසාදනය නොවී සිටීමට වගබලා ගැනීමයි. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එය කළ හැකියි" යැයි ඔක්සෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ වනවිට මහා බ්‍රිතාන්‍යය “ කොවිඩ් 19" වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දී සිටි.


රට ලබන දෙසැම්බර් තෙක් ලොක්ඩවුන් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද  පසුගිය අප්‍රේල් මාසයේ කොවිඩ් 19 ආසාදිතයකු වී සුවය ලැබුවේය. ඒ තෙඳිනක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් පසුවය. මේ වනවිට අග්‍රාමාත්‍යවරයා යළි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ, ඔහු හමුවීමට පැමිණ සිටි මන්ත්‍රීවරයකු කොවිඩ් 19' ආසාදිතයකු වීම හේතුවෙනි. ෙමේ අතර, “කොවිඩ් 19' හෙවත් නව  කොරෝනා වයිරසය ආසාදනය වී සුවය  ලබන අයගේ සිරුරුවල, වයිරසයට  එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වන නමුත් එම ප්‍රතිශක්තිය පවතිනේ මාස 6ක් වැනි කෙටි කාලයකට පමණක් බව ද ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යෙෂකයක් පෙන්වා දී තීබේ.

ඒ අනුව, “කොවිඩ්19 වයිරසය යළි ඕනෑම වාරයක් කෙනකුට ආසාදනය වීමේ අවදානමක් පවතී. පිට පිට වාර ගණනාවක් ‘කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් ගැන ලොව නන්දෙසින් වාර්තා වී ඇත.  ඊයේ (22) වනවිට මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19' වයිරස ආසාදිතයන් ගණන 1,500,000 සීමාවට ආසන්න වී තිබුණු අතර මරණ වාර්තා වූයේ 54,700ක් ලෙසය. ඊයේ (22) වනවිට ලොව සමස්ත “කොවිඩ්19' ආසාදිතයන් ගණන 58,500,000 තෙක් ඉහළ ගියේය. ලොව සමස්ත මරණ වාර්තා වූයේ 1,400,000ක් ලෙසය.