ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus මහතා තමන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් වීම හේතුවෙන් මේ වනවිට නිරෝධායන කටයුතු වල නිරත වනබව දන්වා ඇත.

නමුදු තමන්ට කිසිදු රෝග ලක්ෂණයක්

පෙන්නුම් නොකරන බවත් තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් ප්‍රකාශ කොට ඇත.

” කොවිඩ් වෛරසය අසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස මාව හඳුනා ගෙන තිබෙනවා. මට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ, ඒ වගේම මම යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවන්ට අනුව මම ස්වයං නිරෝධායනයට යොමු වන අතරම ඉදිරි දින කිහිපය නිවසේ සිට රාජකාරී කිරීමට කටයුතු කරනවා යැයි” ඒ මහතා Twitter පණිවිඩයක් නිකුත් කොට තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොවිඩ් නයින්ටීන් වැළදුනු කාලයේදීම ඔහුගේ පුත්‍රයාවන විලියම් කුමාරයාට ද කොවිඩ් නයින්ටීන් වැළදී ඇති බව එරට මාධ්‍ය දැන් අනාවරණය කර තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පසුගිය අප්‍රේල් මාසයේ දී කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වූ අතර ඔහුගේ පුත් විලියම් කුමරුට වයිරසය ආසාදනය වීම රහසක් වශයෙන් තබා ගැනීමට රජ පවුල කටයුතු කර තිබී රාජකීය වෛද්‍යවරුන් ඔස්සේ රහස අනාවරණය වී ඇත.