දැනට බස්නාහිර පළාතත් කුරුණෑගල කෑගල්ල ප්‍රදේශ කිහිපයකුත් ඇඳිරි නීතිය හෝ සංචරණ සීමා වලට යටත්ව පවතී.ඊයේ ජනපති සහභාගීවූ සාකච්ඡාවකදී ආපදා පාලනය නිසා රට තවදුරටත් වසාතැබීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.
” රෝගීන් සමග ඝෘජුව සම්බන්ධතා පවත්වන සෞඛ්‍ය අංශ නිලධාරීන් රෝගයට ගොදුරු නොවන්නේ ඇයි..? ඒ අය හරියට මාස්ක් එක දානවා. නිවරැදිව අත් හෝදනවා.
මෙම සාකච්ඡාවේ සිටි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද උදෑසන මාධ්‍ය වෙත මෙසේ දන්වා ඇත.
'ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැහැ.
රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොරෝනා ආසාදනයෙන් වැළකී කටයුතු කිරිමට පියවර ගත යුතුයි.
ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවනවා.
දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත්තා'
0 Comments