මීට දින හතරකට පමණ ඉහත දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කරන කැපුම් කෙටුම් සහිත පිරිමි නිරුවත් මළ සිරුරක් ඊයේ (10) දෙනියාය, විහාරහේන මතුගොබේ වන වගාවක තිබී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සොයා ගත් බව දෙනියාය පොලිසිය කියයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති ඇති අතර මරණකරු අවසාන වශයෙන් ඉකුත් හය වැනි දින පස්වරු 6.00 ට දෙනියාය විහාරහේන මාර්ගයේ කන්දිලිපාන මංසන්ධියේ අවන්හලකින් මත්පැන් බෝතලයක් රැගෙන යන අයුරු එම අවන්හලේ .සී.ටී.වී කැමරාවේ සටහන් වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය එම ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ආනන්ද වීරසේකර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ .
-එස්. ඩි. කොඩිකාර-
Comments
Post a Comment
Your comment will be visible after approval