3 වසරේ සිට  13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේ ආවරණය කිරීමට සැළසුම් කර තිබෙයි.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ‍, විවෘත විශ්වවිද‍්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ අද (නොවැම්බර් 12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු අමාත්‍යවරයා, සඳුදා (16) පෙරවරු 4 සිට විකාශන කටයුතු ආරම්භ වෙන බවත් පැවසීය.

සති 10ක් පුරා අඛණ්ඩව විකාශනය සිදුකෙරෙන අතර, කාලසටහනට අනුව දින හත පුරාම විකාශන කටයුතු සිදුකෙරේ.

මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමට අදාළ ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 0117601702, 071449131 යන දුරකථ අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැකිය.