බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරු බෝට්ටු අනතුරක් සිදුවීමෙන් පසු දියට වැටුණ  පුද්ගලයෙකු අතුරුදහන්වී ඇතැයි වාර්තාවේ.



දියවන්නා ඔයේ මසුන් මැරීමට ගිය දෙදෙනෙක් මෙම අනතුරට මුහුණපා තිබේ.
මොවුන් දෙදෙනා පොල්දූව පාලම යටින් දමා ඇති ආරක්ෂිත දැල ඉවත කොට පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුල්ව ඇති අතර නීතියට පටහැණි ලෙස ගමන් කරද්දී අනතුරට ලක්ව ඇත.
එම කලාපයේ ආරක්ෂාවේ යෙදී සිටි බෝට්ටුවක් ඔරුව සමග ගැටීම නිසා ඔරුවේ සිටි දෙන්නාගෙන් කෙනෙකු දියේගිලී අතුරුදන්ව ඇති අතර අනෙක් තැනැත්තා බේරී ඇත.
ජලයට වැටුණු පුදගලයාග් සිරුර තවමත් සොයමින් පවතින බව පොලිසිය පවසයි.
 මෙලෙස අතුරුදහන්ව ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ 26 හැවිරිදි දෙදරු පියෙකි.