රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බවට මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යන වාර්තා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇති බව රුසියානු රජයේ ටාස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.පුටින්ගේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ ජනාධිපතිවරයාට “හොඳ සෞඛ්‍ය තත්වයක්” ඇති බවත් “ඉල්ලා අස්වීමට යන්නේ නැති” බවත් ය. එම කතාව පැමිණියේ බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පතක් වන 'ද සන් පුවත්පත" සිදු කළ වාර්තා කිරීමෙන් පසුව ය.
කෙසේ වෙතත් ඔහු සමුගන්නා සූදානමක් ගැන සැකය වඩාත් තීව්ර කරවමින් හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට අදාළ නීති රීති කිහිපයක් සංශෝධනය කිරීමට පුටින් පසුගියදා සූදානම්විය.
මෙය පුටින් විශ්‍රාම යාමට සූදානම් විය හැකි බවට අනුමාන කරයි. රුසියානු නීති සම්පාදකයින් හිටපු ජනාධිපතිවරුන් සඳහා විශේෂ විධිවිධාන සපයන පනත් දෙකක් මේ සතියේ පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබේ.
පළමුවැනි පනත මගින් රුසියාවේ ෆෙඩරේෂන් කවුන්සිලයේ සෙනෙට් සභිකයෙකු ලෙස හිටපු ජනාධිපතිවරයෙකුට ජීවිතාන්තය දක්වා ආසනයකට හිමිකම් කිමට අවස්ථාව ඇත. දෙවැන්න විශේෂයෙන් හිටපු ජනාධිපතිවරුන්ටඅ අපරාධ නඩු පැවරීමෙන් ජීවිත කාලය පුරාම නිදහස් කිරීමට අදාළය. එය ඔහුගේ ජීවිත කාලය තුළ සිදු කරන ලද ඕනෑම වරදකට අදාළ වේ. වර්තමානයේ, හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂා කරනු ලබන්නේ ඔවුන් ධුරයේ සිටියදී පමණක් ගනු ලැබූ ක්‍රියාමාර්ග සඳහා ය.
රුසියාව විසින් පුටින්ගේ ධුර කාලය "යළි පිහිටුවීම" සඳහා වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමෙන් අනතුරුව ඔහුට ජනාධිපති ධුරය සඳහා දෙවරක් තරඟ කිරීමටත්, 2036 වන විට 84 වන වියේ පසුවන තෙක්ත් ධුරයේ රැඳී සිටීමට ඉඩ සලසා තිබුණි.
0 Comments