හදිසි අනතුරකට ලක්ව මොළයට හානි සිදුවීමෙන් මොළය මිය ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු පොලිස් කොස්තාපල්වරයකුගෙන් ලබා ගත් වකුගඩු දෙක මහනුවර ජාතික රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී රෝගීන් දෙදෙනකුට ඊයේ (04) බද්ධ කෙරිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳගේ සහ සහෝදරයින්ගේ කැමැත්ත මත වකුගඩු ලබා ගත් බව සඳහන් වේ. වකුගඩු දෙකට අමතරව ඔහුගේ ඇස් දෙක, අක්මාව හා අග්න්‍යාසය ඇතුළු සිරුරු කොටස් 07 ක් පරිත්‍යාග කිරිමට තම කැමැත්ත ලබා දුන් බව කොස්තාපල්වරයාගේ සහෝදරයකු වන සුජීව ගුණවර්ධන මහතා පැවසීය. මෙසේ සිරුරු කොටස් රෝගීන්ට බද්ධ කිරිමට ලබාගත්තේ මහනුවර වෑවල බොක්කාවල පදිංචිව
මොහු වසර 14 ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කර ඇත. අනුරුද්ධ මහතා නැගෙනහිර පළාත කොටි ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට මෙහෙයුම අවසන් වනතෙක් රාජකාරි කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ රණවිරුවෙකි. හදිසි අනතුරකට ලක්ව මොළයට හානි සිදුවී මාවනැල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ඔහුගේ මොළේ මිය ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් තීරණය කිරිමෙන් පසුව ඔහුගේ සිරුරු කොටස් පරිත්‍යාග කිරිමට පවුලේ අය මෙසේ කැමැත්ත ලබා දී ඇත.
මහනුවර ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ශල්‍ය ඒකකයේ වෛද්‍ය උපේක්ෂ අමරසිංහ මහත්මිය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පහිදරන්, එම රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ සිරුරු කොටස් ලබා ගැනීමේ ඒකකය බාර හෙද නිලධාරින් අනුර රත්නායක සහ හෙද නිලධාරි ආර්.එම්. ජයවර්ධන යන මහත්ම මහත්මිහු මාවනැල්ල මූලික රෝහලට ගොස් අනුරුද්ධ මහතාගේ වකුගඩු දෙක ඉවත් කර ගැනීමේ සැත්කම සිදු කර ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය. මාවනැල්ල මූලික රෝහලේ අධ්යක්ෂ සහ එහි නිර්වින්දන වෛද්‍ය විශේෂඥ නෙළුම් වීරස්කර මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයක් මේ සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දුන් බවද එම ප්‍රකාශකයා පැවසීය.
මෙම කාර්ය සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ පිහිටුවා ඇති මොළේ මිය ගිය අයගේ සිරුරු කොටස් ලබාගැනීමේ ඒකකයේ
ගෙදර වහළ උඩ වේළෙන්න දාලා තිබුණ රෙදි ගන්න ගිහින් වහළෙන් ඇදවැටීම නිසයි මගේ සහෝදරයා තුවාල ලැබුවේ. මාවනැල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ මොලේ මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් අපට පහදා දුන්නා. මගේ සහෝදරයාට පින් පිණිස අපි ඔහුගේ සිරුරු කොටස් රෝගීන් කීපදෙනකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමට එකඟ වුණා යැයි අනුරුද්ධ මහතාගේ සොහොයුරු වන මාතලේ රෝහලේ සේවය කරන සුජීව ගුණවර්ධන මහතා පැවසීය.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments