අපි කවුරුත් දන්නවා මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අපේ ජීවිත උඩුයටිකුරු වුණා. ටික කාලයක් රට වහලා තිබුණා, ගමනාගමනය සීමා වුණා. තවමත් අවධානම නැතිවෙලා නෑ. කොවිඩ් වසංගතය නිසා අපි ජීවත්වුණ විදිහ එහෙම පිටින්ම අවුල් වෙලා ගිහින්. කොවිඩ්වලට තියෙන බය නිසා එදිනෙදා කරන්න ඕන ගොඩක් දේවල් අපෙන් අතපසු වෙලා. එහෙම නැත්නම් අපි ඒවා පස්සට කල්දාලා. මොකද කොවිඩ් නිසා අනෙක් දේවල් අපිට අමතක වෙනව නේ. ඒත් මතක තියාගන්න, සමහර දේවල් එහෙම කල් දැම්මොත් ඔයාලට ගොඩක් අපහසුතා ඇතිවෙන්න පුලුවන්. ඇස් පරිස්සම් කරගන්න එකත් ඒ වගේ තමයි.


සමහරු මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇස් දෙක පරීක්ෂා කරගන්නවා කියලා හිතලා දේවල් කල්දානවා.  ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද කලට වෙලාවට හරි පිළිවෙලට අපේ ඇස් දෙක පරික්ෂා කරගන්න එක හරිම වැදගත්, නැත්නම් මේ වෙලාවේ ඇස්වල තියෙන පොඩි දෝෂයක් තව කාලෙක දී හොඳ කරන්න අමාරු ලොකු දෝෂයක් වෙලා නතර වෙන්න පුලුවන්. මේ කරදර බාධක මැද්දේ අපේ ඇස් පෙනීමත් අඩුවුනොත් අපිට මොනවා වෙයි ද?
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මොන කරදර බාධක ආවත් අපිට අපේ ඇස් ගැන නොහිතා ඉන්න බෑ. දැන් එන ප්‍රශ්නේ තමයි, කොහොමද මේ වගේ වෙලාවක ආරක්ෂාකාරීව අපේ ඇස් පරීක්ෂා කරගන්නේ කියන එක.


එකට විශ්වාසවන්ත හරි තැනකට යන්න ඕනේ. ඇස් පරික්ෂා කරන්න නිවැරදි තාක්ෂණය භාවිතා කරන. ඒ වෙනුවෙන්ම පුහුණුවුණ විශේෂඥ සේවක මණ්ඩලයක් ඉන්න. අලුත්ම තාක්ෂණික ක්‍රම භාවිතා කරන ලංකාවම පිළිගත්ත තැනකට යන එක තමයි ඇඟට ගුණ. දැන් කාලේ එක විතරක් මදි එයාලා රජයේ සෞඛ්‍ය බලධාරීන් අනුමත කළ නිරෝධායන ප්‍රමිතීන් හරියටම පිළිපඳිනව ද කියලත් බලන්න ඕනේ.


ඔබේ අක්ෂි කාච, ඇස් කණ්ණාඩි කලට වෙලාවට මාරු කරගන්න ඕනේ ද, කාචවල හෝ ඇස් කණ්ණාඩිවල දෝෂ හදාගන්න ඕනේ ද, ටීවි, පොත්පත් බලන වෙලාවට බොඳවෙලා වගේ පේනව ද, ක්‍රීඩාවකට, පාසලට හෝ වැඩකරන්න යද්දී ඇස්වල තත්ත්ව වාර්තාවක් ඉල්ලනව ද, ඇසේ සුද ආදී අක්ෂි දෝෂ තියෙනව ද, ඇස් පෙනීම එක පාර අඩුවුනා ද, ඇස්වල ආලෝක ධාරා යනවා වගේ තේරෙනව ද, ඇස් අනතුරකට ලක්වුණා ද, දියවැඩියාව නිසා ඇස්වල ඇතිවන ආබාධවලට මුහුණ දුන්නා ද, තව බලාගෙන ඉන්න එපා. අපි ලොකුවට හිතන්නේ නැති වුණාට ඇස්වල දෝෂ කියන්නේ බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි. කලට වෙලාවට ඇස්දෙක පරීක්ෂා කරගෙන ඔබේ ඇස්දෙක, ඇස්දෙක වගේ පරෙස්සම් කරගන්න.