ගුවන් යානා ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ විවාහ තුනක් කරගෙන හොර නෝට්ටු මුද්‍රණය, ව්‍යාජ ඇඳිරි නීති බලපත්‍ර සකස් කිරීම ආදී නීති විරෝධී කටයුතු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ 59 හැවිරිදි පුද්ගලයකු කටුනායක, කෝවින්න ප්‍රදේශයේදී කටුනායක පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. කලක් කටුනායක ගුවන් තොටුපළ පිරිසුදු කිරිමේ අංශයේ සේවය කර ඇති මොහු පසුව එම රැකියාවෙන් ඉවත් වී ඇති අතර විවිධ නීති විරෝධී කටයුතුවල යෙදෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව පොලිසිය කියයි. කටුනායක, කෝවින්න ප්‍රදේශයේ කුලී නිවසක සිටිමින් මොහු මෙම කටයුතු සිදුකර ඇති අතර මොහු සතුව තිබූ මෝටර් රථයක්, යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
තමා ගුවන් යානා ඉංජිනේරුවකු බව කාන්තාවන් රවටමින් මොහු වරින් වර
හොර නෝට්ටු තොගයට අමතරව ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් බවට සැලකෙන පරිගණකයක් ඇතුළු උපකරණ කිහිපයක් ද ව්‍යජ පදක්කම් ද මෙම නිවසේ තිබී පොලිස් බාරයට ගෙන තිබේ.ඔහු ව්‍යාජ ලෙස ගුවන් යානා ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් ගුවන්යානා තුළ සහ එම අංගණ තුළ දී ගත් ඡායාරූප, ප්‍රංශයේ එයා බස් සමාගම මෙන්ම රුසියාවේ ගුවන් යානා නිපාදන ආයතන ඇතුළු ලොව පුරා ගුවන් යානා නිෂ්පාදන සමාගම් ඇතුළු තාක්ෂණික ආයතන නිකුත් කර ඇති බවට ඔහු සතුව ඇති ව්‍යාජ සහතික පත්‍ර සහ විවිධ ගුවන් යානා ක්ෂේත්‍රයේ ආයතන විසින් මෙන්ම එයා බස් සමාගම ද නිර්දේශ කර ලබා දී ඇති බවට ඔහු සතුව ඇති “ආසියාවේ හොඳම ගුවන් යානා ඉංජිනේරුවරයා" මොහු බවට වූ ව්‍යාජ රන් පදක්කම් ද මොහු උපයෝගී කර ගෙන ඇත.
මෙම ව්‍යාජ සහතික සහ රන් පදක්කම් සියල්ල වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ඔහු සකස් කර ගෙන ඇති බව පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක් සමග
කටුනායක පොලීසියේ උපපොලිස් පරික්ෂක මොහොමඩ් නිෂ්මි මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරු මත වැටලීම කර මොහු අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි. ඔහු විසින් මුද්‍රණය කර බෙදාහැරීමට සූදානම් කර තිබු ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත් පරිගණක උපකරණ, ඔහු සතුව තිබු ව්‍යාජ සහතික පත්‍ර, ව්‍යාජ රන් පදක්කම්, ව්‍යාජ සේවා හැදුනුම්පත් ඇතුළු තවත් උපකරණ සහ ද්‍රව්‍ය රැසක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments