දඹුල්ල රෝහල සහ නගර මධ්‍යයේ මුස්ලිම් පල්ලියක් පිහිටා ඇති බවට ගුගල් සිතියමේ ව්‍යාජ ලෙස සටහන් කර සහරාන් හෂිම් දේශන පවත්වන පින්තූර දමා ලෝකෙම නොමඟ යවන සිද්ධියක් පළ කර ඇති බවත්, ඊට දැඩි අප්‍රසාදය පළ කරමින් නීතිමය පියවර ගැනීමට හා දඹුල්ල මහනගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු සිය එකඟතාව පළ කර (05දා) යෝජනාවක් සම්මත කරගන්නා ලදී. දඹුල්ල මහනගර සභාවේ මාසික මහා සභා රැස්වීම ඊයේ පැවති අතර එහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා යෝජනාවක් කරමින් කියා සිටියේ ලෝක ප්‍රකට ගුගල් සමාගම හඳුන්වා දී ඇති සිතියමක දඹුල්ල යන්න සෙවීමේදී දඹුල්ල රෝහලත් ප්‍රධාන බැංකු ආසනයේ මුස්ලිම් පල්ලියක් ඇති බවත් එහි සහරාන් ඇතුළු කණ්ඩායමක් දේශන දෙන සහ යාඥා කරන ඡායාරූප පළ කර ඇති බවයි.
දඹුල්ල නගර සභා කාලයේ හෝ ප්‍රාදේශීය සභා කාලයේ හෝ මෙතෙක් මෙම භූමියේ එවැනි කිසිදු මුස්ලිම් පල්ලියක් නොමැති බව පෙන්වා දුන් නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ යාඥා කරන ස්ථානයක් පැවති බවත් එම ස්ථානය ද ඉදිකර ඇත්තේ ප්‍රධාන මාර්ගයක් ඉදිකරන ස්ථානයක බවය. දැනටද දඹුල්ල නගරයේ ගුගල් සමාගම පෙන්වන ස්ථානයේ කිසිදු පල්ලියක් හෝ ඉදිකිරිමක් හෝ නොමැති බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් සිංහල දමිළ, මුස්ලිම් ජනවර්ග භේදභින්න කරන මෙවැනි ක්‍රියාවලින් නිසා රටේ ජාතික සමගියට හානියක් නොවන ආකාරයෙන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් කිසිදු ඉදී කිරිමක් හෝ පල්ලියක් නොමැති ස්ථානයක මෙවැනි ඡායාරූප සහ ගුගල් සිතියම මගින් පෙන්වා දෙන සිද්ධිය පිළිබඳව තමන් රජයට පවා දැනුම් දීම් කළ බවද සඳහන් කළේය.
ඒ අනුව මෙම සිද්ධීන් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ගුගල් සමාගමට දඹුල්ල මහනගර සභාවේ අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය බවට තමා යෝජනා කරන්නේ යැයි ඔහු සභාවට දැනුම් දුන්නේය. ඒ අනුව දඹුල්ල මහනගර සභාවේ සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය දෑත් ඔසවා එම යෝජනාවට කැමැත්ත පළ කිරීම විශේෂත්වයකි. දඹුල්ල කණ්ඩලම හන්දියේ පිහිටි මුස්ලිම් බැතිමතුන් වැඳුම් පිදුම් කරන යාඥා මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කොට කිලෝමීටර් කිහිපයක් දුරින් ඒ අයට වැඳුම් පිදුම් සඳහා පල්ලි ඇති බව පෙන්වා දුන්නේය .කෙසේ වෙතත් එම අයගේ ආගමික කටයුතු ඉටුකර ගැනීම සඳහා සිකුරාදා පස්වරුවේ ප්‍රවාහන පහසුකම් සපයා දීමට හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය . දඹුල්ල නගර ග්‍රාම සේවා වසමේ පවුල් හයක් පමණක් මුස්ලිම් ජනතාව පදිංචි වී ලියාපදිංචි වී ඇති බවද ඔවුහු නගර සභාවේදී පෙන්වා දුන්නේය.
මෙම යෝජනාව ඊයේ (05දා) දහවල් නගර සභාවේ සමත කරන අවස්ථාව වන විටත් ගුගල් සිතියමේ මෙම යාඥා කරන ඡායාරූප සහ මුස්ලිම් දේවස්ථානයක් ඇති බව සටහන්ව තිබුණද පස්වරුව වනවිට ගුගල සිතියමෙන් එම ස්ථානය ඉවත් කර ඇති බව පරීක්ෂා කිරීමේදී දැක ගැනීමට හැකි විය. උදෑසන ලබා ගත් ජායාරූපවල එහි බාගත කරගැනීම නිසා සොයා ගැනීමට හැකිවූ අතර එහි යාඥා කරන කණ්ඩායම අතර සහරාන් හසීම් දේශනයක් ලබාදෙන ඡායාරූප ඇති බව නගරාධිපතිවරයා සභාවට දැනුම් දීමද මෙහිදී විශේෂත්වයකි.
-එස්. කරුණාරත්න-
0 Comments