ගම්පහ, දොරණාගොඩ පදිංචිව සිටි කාන්තාවක් පෙරේදා සිය නිවසේදී මිය යෑමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන විත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවට අනුව ඇයට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
දෙදරු මවක වන මෙම තැනැත්තිය මිය යනවිට 63 වියෙහි පසුව ඇති අතර, හෘදරෝග තත්ත්වයකින් පෙළී ඇතැයි අනාවරණය වී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට අනුව ඊයේ (09දා) රාත්‍රියේ ගම්පහ, කසගහවත්ත ආදාහනාගාරයේදී ඇයගේ අවසන් කටයුතු සිදු කළ බවයි.
(මෙම මරණය තවම කොරෝනා මරණ ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කර නැත)
- තිලකරත්න දිසානායක -
0 Comments