තව සතියක හෝ දින 10ක කාලයක් තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත
දිනට පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය
ජී.එල්. පීරිස් පවසයි.
දෙසැම්බර් මස මුල සතිය වන විට, බස්නාහිර පළාත ඇතුළුව වසා දමා ඇති සෙසු ප්‍රදේශවල පාසල්
අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ නම් සාමාන්‍ය පෙළ විභාගය කල්
දැමීම පිළිබඳව සලකා බැලීමට සිදුවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
zoom තාක්ෂණය ඔස්සේ ඊයේ (26දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී
මේ වන විට දින නියම කළ අයුරින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ නම් තවමත් වසා දමා ඇති
පාසල්වල විභාගයට පෙනී සිටින දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට මාධ්‍යවේදියකු නැඟූ
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ, තවත් සතියක් හෝ දින 10ක කාලයක් ඇතුළත
විභාගය පිළිබඳව සලකා බැලීමට සිදුවන බවත් එසේත් නොමැති නම් එය වසා දමා ඇති පාසල්වල දරුවන්ට
අසාධාරණයක් වනු ඇති බවත්ය.
ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ.
මේ අතර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේදී දරුවන්ට යම් සහනයක් ලබා දෙන්නේ දැයි
මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, වසංගත තත්ත්වය
හේතුවෙන් විභාග පැවැත්වීම පිළිබඳව වෙනත් රටවල අනුගමනය කරන්නේ නම්‍යශීලී ප්‍රතිපත්තියක් බවත් ඒ
අනුව කටයුතු කරනවාද නැතිද යන්න විභාගය පැවැත්වීම අනුව තීරණය කරන බවත්ය.
ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, දැනට
මාර්ගගත ක්‍රමයට සහ මුහුණට මුහුණ ආවරණය කර ඇති විෂය නිර්දේශ පිළිබඳව අදාළ ගුරුවරුන්ගෙන් දත්ත
ලබා ගෙන එම දත්ත අධ්‍යාපන අමාත්‍යවරයාට යොමු කර ප්‍රශ්න පත්‍ර සැකසීමේදී සහනයක් ලබාදීම
පිළිබඳව තීරණය කරන බවය.
දිගින් දිගටම පාසල් වසා තැබීම සිසුන්ගේ ජීවිත වසා තැබීමත් බවද අවධාරණය කළ අමාත්‍යවරයා
වැඩිදුරටත් පැවැසුවේ,
පාසල් යළි විවෘත කරන්නැයි මවුපියන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබූ බවද පාසල් දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම
ඔවුන්ගේ ජීවිතය යන තීරණාත්මක සාධක සලකා ගත් මේ තීරණය වගකීම් විරහිතව ගත් තීරණයක් නොවන බවත්
අමාත්‍යවරයා අවධාරණය කළේය.
කොරෝනා වසංගතය හමුවේ වුවද පාසල් යළි විවෘත කිරීමෙන් පසු සිසුන් පාසලට එවීම සම්බන්ධයෙන්
මවුපියන් තුළ ක්‍රමයෙන් විශ්වාසය ගොඩනැඟෙමින් තිබෙන බවද තෙවැනි පාසල් වාරය සඳහා පාසල්
විවෘත කර ගත වූ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, දෙවැනි දිනයේදි (24දා)
44%ක් සහ තුන්වැනි දිනයේදී (25දා) එය 51%ක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කළේය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තමා පෞද්ගලිකවම කතා කළ බවත්, සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස් හා
විදුහල්පතිවරු ඇතුළු සෑම දෙනා සමඟම සාකච්ඡා කර ඒ ඒ පළාත්වල තත්ත්වය අධ්‍යයනය කර පාසල්
විවෘත කිරීමේ තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සවනි ශේශාධි, තාරක සම්මාන්
0 Comments