කොරෝනා තවම සමාජගතවී නැතැයි යනුවෙන් වසංගත විද්‍යා අංශය ප්‍රකාශ කරනුයේ සමාජයේ අහඹූ සාම්පල නිසි පරීක්ෂා කිරීමකින් තොරව බව වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි. දැනට කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සිදු කරන්නේ ආසාදිතයින් හා ආශ්‍රිතයින්ගේ නියැදියේ පීසීආර් පරීක්ෂණ පමණක් බවත් ඒ අනුව හසුවන සියලු අය ආශ්‍රිතයින් ලෙස නම් කරන්නට හේතුවී ඇති බවද කියන ඔහු රටේ කොරෝනා සම්බන්ධයෙන් සමාජ නියැදි පරීක්ෂවක් නොකර රෝග පාලනය අසීරු බව දන්වා සිටී. ඔහු පසුගියදා හෝමාගමදී මේ ගැන හෙළි කළේ මෙසේය.


'කියන්න කණගාටුයි අද වෙනකොට සමාජ නියැදි ලබාගැනීම බොහෝ පළාත් වල නතර වෙලා තියනවා. සමහර පළාත් වලින් ඊයේ අපි කථාකළාම දැනගන්න ලැබුණා සතියකට කලින් ගත්ත සාම්පල් ප්‍රතිඵල තවම ඇවිල්ලා නැහැ. ඒ හින්දා විශේසයෙන්ම ජනාධිපතිතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලනවා කරුනාකරලා සෞඛ්‍ය අංශ වලට කියන්න මේ පිළිබඳ වාර්තාවක් ඔබතුමාට දෙන්න කියලා මේ දක්වා සමාජ නියැදි කොච්චරක් කළාද කියලා. ඔබ තුමා පුදුමයට පත්වෙයි සමහර ප්‍රදේශවල සමාජ නියැදි කරලම නැහැ. දවසටම කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නෙ උපකරණ කට්ටල 50 ක් විතර ප්‍රමාණයක්. ඒ 50 න් කොහොමද සමාජ නියැදි කරන්නෙ. ආශ්‍රතියින් ලොකු ගාණක් ඉන්නවා.

මාතරින් අපට කතා කළා මාතර ගත්ත සාම්පල් 3000 විතර තාම එන්න තියනවා.'