ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බනධයෙන්, ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම්, සෞඛ්‍යය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රිය දායකත්වය දැක්වීමෙන් ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (4) පැවැසීය. එසේ නොකරන්නේ නම් තාක්ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව පෙරේදා (3) රැස්වී මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය. මෙම සිතියම්ගත කිරීම නොකළොත් ඉදිරි තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වී රට භයානක තැනකට ගමන් කළ හැකි බව ද වෛද්‍යවරයා කීවේය.
කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරැදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තාවන රෝගීන් සිතියම්ගත වුවහොත් පමණක් බව කී වෛද්‍ය හරිත අලුගේ මහතා මෙම සිතියම් ක්ෙෂ්ත්ර ෙය් සිට යථාවත් කිරීම නිවැරැදිම ක්‍රමවේදය බව ද සඳහන් කළේය. කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේ ද දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද ග්‍රාම නිලධාරි වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරැදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ මහතා පැවැසීය.වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ද කීවේය.
“වාර්ත වන රෝගීන් අනුව කොරෝනා ව්‍යාප්තය එක සිතියමතට ගෙන ජී.පී.එස්. ක්‍රමයට පෙන්වීම් ක්‍රමවේදයක් අවශ්‍යයි. බස්නාහිර පළාතේ මේ සඳහා ක්‍රමවේදයක් තිබුණත් රට ගැන තීන්දු තීරණ ගැනීමට මෙය රටටම ක්‍රියාත්මක විය යුතුයි. කොවිඩ් පිළිබඳ මෙහෙයුම් මැදිරිය හරහා මෙම සිතියම රටට ඉදිරිපත් කරන ලෙස අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාටත් දැනුම් දුන්නා. අපිට අවශ්‍ය සිතියමක් දෙස බලා සිටීමට නෙවෙයි. ඒ අනුව රටේ තීන්දු තීරණ ගන්නයි. අපි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අදත් හමුවී මේ ගැන කතා කරනවා. මේ සතිය තුළ අනිවාර්යයෙන් ජී.පී.එස්. සිතියම් සකස් කළ යුතුයි. එසේ සිදු නොවන්නේ නම් අපි තවදුරටත් තාක්ෂණික අංශයෙන් මෙයට දායක වීමේ තේරුමක් නෑ.
ඒ නිසා එසේ නොවුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රිය දායකත්වය දැක්වීමෙන් ඉවත් වෙන්න අපි තීරණය කළා. සිතියමක් නැතිව, රටේ අවදානම තක්සේරු නොකර තාක්ෂණික තීන්දු තීරණ ගන්න බෑ. එය මෙතෙක් නොකිරීම ගැන විරෝධය පළ කරනවා. දැන්වත් එය යථාර්ථයක් නොවුණොත් මෙම ක්‍රියාවලියට සක්‍රිය දායකත්වය ලබාදීම ගැන නැවත සිතා බැලිය යුතු වෙනවා. අපි පී.සී.ආර්. පරික්ෂණ වැඩි කළ යුතු බව මාර්තු සිට කියද්දී විශේෂඥයන් සිනා වී එය අවශ්‍ය නෑ කීවා. දැන් ඒ ගැන කාටත් අවබෝධ වී තිබෙනවා.” යැයි ද වෛද්‍යවරයා කීවේය.
-ඩයනා උදයංගනී-
0 Comments