අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය (adani port and special economic zone) නමැති ඉන්දීය ආයතනයට කොළඹ නැගෙනහිර වරාය පර්යන්තයෙන් 49% කොටසක් විකිණීමට මෙරට රජය එකඟ වී ඇති බවට ජාත්‍යන්තර පුවත් කිහිපයක ප්‍රධාන පුවතක් වශයෙන් පළ කර ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම අදාළ සමාගමට 100% කළමනාකරණයක් ලබාදීමට එකඟ වී ඇති බවට එහි සඳහන් වන බව කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ආර්ථික අර්බුදය ජනතාවගෙන් සහ ජාත්‍යන්තරයෙන් සැඟවීම තුළින් විශාල ආර්ථික කඩාවැටීමක් රට තුළ සිදුවන බව සඳහන් කළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා,
"ආණ්ඩුව කොච්චර කිව්වත් ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා මහ බැංකුව නිල වශයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා 2020 ආර්ථික වර්ධන වේගය සෘණ 1.7ක් වෙයි කියලා. ඒ සෘණ 1.7 කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ස්වාධීන ආයතන ඉදිරිපත් කරලා තියෙන සෘණ 5 වගේ ප්‍රමාණයකට වඩා අතිශයෙන් හොඳ අගයක් ගනියි කියලා. ඒත් ඇත්ත මොකක්ද. ඇත්ත තමයි මේ අයට 2020 ආර්ථික වර්ධන වේගය කියන්න කලින් පුළුවන් වෙන්න ඕන කියන්න 2020 දෙවැනි කාර්තුවේ වුණේ මොකක්ද කියලා. දැන් දෙවැනි කාර්තුවේ ආර්ථික වේගය මොකක්ද කියලා දන්නේ නැතිව කොහොමද මුළු අවුරුද්දටම ආර්ථික වර්ධන වේගය ගැන පුරෝකථනයක් කරන්නේ. දැන් මං ගාව තියෙනවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉදිරිපත් කරපු ඒ වාර්තාව. ඒ මගින් කියනවා අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආර්ථික වර්ධනයට කුමක්ද වුණේ කියලා. ඒ නිසා ඔවුන් 18,000ක් සමඟ සමීක්‍ෂණයක් සිදු කළා. ඒ සමීක්‍ෂණයේ කියනවා මහා පරිමාණ ආයතනවල නිෂ්පාදන ශීඝ්‍රයෙන් පහතට වැටිලා කියලා.
ඒ කියන්නේ මේ විශාල ලෙස ආර්ථිකය කඩාවැටීමකට ලක් වෙනවා කියලා තමයි නිල වශයෙන් කරලා තියෙන සමීක්‍ෂණයෙන් ඔවුන් කියන්නේ. මෙවැනි තත්ත්වයක ආණ්ඩුව ජනතාව සහ ජාත්‍යන්තරය රැවැටීමට කරන උත්සහාය අවසාන වෙන්නේ, විශාල කඩාවැටීමක්. අපි නැවත නැවතත් රජයට කියන්නේ අපි ජනතාවට ඇත්ත කියමු. ඒක තේරුම් කරලා දෙමු. ඒ වගේම මම කියන්න ඕන ආණ්ඩුව කොච්චර අසාර්ථකද කියනවා නම්,
- දිනේෂ් සමරකෝන් -
0 Comments