වල් ඌරන්ගෙන් කුඹුර ආරක්ෂාකර ගැනීම සදහා කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 වියැති තරුණයකු මරණයට පත්ව ඇතැයි හතරලියද්ද පොලීසියෙන් වාර්තා වේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ
කුඹුරු හිමියන් සිව්දෙනකු විසින් මීටර් 200 ක් පමණ දුරට ප්‍රධාන විදුලි රැහැනින් විදුලිය ලබාගෙන කුඹුරු යාය වටා කම්බි ඇද තිබුණ බවද, එම කුඹුරු හිමියන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. මහනුවර සහකාර පොලිස් අධිකාරි නිපුණදෙහිගම මහතාද, මහනුවර අපරාධ පරියේෂණ අංශ නිලධාරිහුද ස්ථාන පරික්ෂණ පැවැත්වූහ. ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මංගලා අබේසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරික්ෂණෙය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දේහය මහනුවර මහ රෝහලට යැවීමටත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමටත් නියම කළාය.
-ජී.පී.එම්. රත්නායක-
0 Comments