හොරණ MAS Bodyline (Pvt) Ltd ආයතනයේ සේවකයින් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම ආයතනය සඳහන් කරයි.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඔක්තෝම්බර් 30 වැනි සිකුරාදා දිනයේ දී සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට

තහවුරු වූ බවත් පසුව ඔක්තෝම්බර් 31 වැනි සෙනසුරාදා දින ආයතනය වසා දැමීමට පියවර ගත් බවත් ය.

අනතුරුව අදාළ ආසාදිත සේවකයාගේ ආශ්‍රිතයින් ලෙස සේවකයින් 200ක් පමණ හඳුනාගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ 200 දෙනාගෙන් සමීප ආශ්‍රිතයින් ‍ලෙස හඳුනාගත් 145 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව ඉන් 34 දෙනෙකුට වෛරසය ආසාදිත බවට නොවැම්බර් 01 වැනි ඉරිදා දින තහවුරු වී ඇත.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි උපදෙස් අනුව කටයුතු කිරීමටත් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කිරීමටත් කටයුතු කරන බවත් අදාළ ආයතනය සඳහන් කරයි.