කේරළ ගංජා කිලෝග්‍රෑම් 63ක් සමඟ සැකකරුවන් හතර දෙනකු සහ ගංජා ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථ තුනක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා පවසයි.
එම කාර්යාංශයට ලද තොරතුරක් වන මෙම වැටලීම ඊයේ (18) සිදුකර ඇත.
පෙරේදා (17) පෑලියගොඩ ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සතුව
ඒ අනුව කඩවත පදිංචි පුද්ගලයා පිළිබඳ සොයා බැලීමේදී ඔහු ඊයේ (18) දින ගංජා ගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇති බව හෙළිවී ඇත.
සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සතුව ගංජා ග්‍රෑම් 300ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කැලණිය වනවාසල දුම්රිය ස්ථානය අසලට පෙරවරු 9.00ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ පාර්සල් දෙකක ගංජා කිලෝග්‍රෑම් 04ක් තිබී ඇත.
එම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ඉන්දියාවේ සිටින ද්‍රවිඩ ජාතිකයකු අයිතිකරු බවත් අතර්ජාල තාක්ෂණයෙන් ගංජා තොග ඇනවුම් කරන බවයි. ඒ අනුව ඒ සැකකරු ලවා අන්තර්ජාලය හරහා බඩු ඇනවුම් කර ඇත.
උපාය දූතයකු මගින් කළ වැටලීමකදී පෙට්ටි තුළ ගංජා කිලෝග්‍රෑම් 44ක් සහ ග්‍රෑම් 783ක් තිබී ඇත.
සැකකරුවන් අද (19) කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
- ලාල් එස්. කුමාර -
0 Comments