ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙන්ම ඩිමොක්‍රැටික් පක්ෂ උපජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් වෙත ආශීර්වාද පතමින් ඉන්දියාවේ ස්ථාන කිහිපයකදී පූජාවන් පැවැත් වූ බව වාර්තා වෙයි.




ඒ අතරින් ඉන්දීය සම්භවයක් සමහිත කමලා හැරිසන්ගේ සීයා උපන් ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ තුලසේන්දුපුරම්හි පූජා කිහිපයක්ම සංවිධානය වී තිබේ. එසේම එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුද කමලා හැරිස් වෙත ජනතාවගේ ආශීර්වාදය පතා 150 දෙනෙකුට ආහාර පාර්සල්ද බෙදා දී තිබේ.

මේ අතර හින්දු පූජකයන් පිරිසක් එක්ව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වා තිබේ. පාකිස්තානයට සහ චීනයට විරුද්ධ ට්‍රම්ප් යළිත් ජනපති ධුරයට පත්වීම වැදගත් බව ඔවුන්ගේ අදහස වී තිබේ.