පරිසර අමාතය්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන ලද විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සතිය තුළ තැපැල් කාර්යාලවල එකතු කරන ලද ඉවතලන ඉහත අපද්‍රව්‍ය
පළමු තොගය ජපානයට අපනයනය කිරීම අද (11දා) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.  අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (10දා)   පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


පුත්තලම පිහිටි ප්‍රධාන සිමෙන්ති සමාගමක් වන INSEE සමාගම විසින් මෙම පියවර ගෙන ඇති බවත්, ඒ අනුව පළමු ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් අපද්‍රව්‍ය සහිත ටොන් තුනක බහාලුමක් ජපානයට අපනයනය කෙරෙන බවත් පැවසු අමාත්‍යවරයා මෙම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රාව නිවාසවල එකතු කිරීම මගින් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවද පෙන්වා දුන්නේය. විශේෂයෙන් පිළිකා වැනි බෝ නොවන රෝග රැසක් මෙම කාර්මික අපද්‍රව්‍ය තුළ අන්තර්ගගත වන විකිරණශීලීතාවයෙන් ඉහළ ලෝහ අන්තර්ගත වන බැවින්, ඒවායේ අන්තර්ගගත බැර ලෝහ ද්‍රව්‍ය හේතුකොට ගෙන සෞඛ්‍යමය ගැටලු රැසක් ඇතිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


 -නිදර්ශනී වික්‍රමසිංහ-