සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තාවිය. දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කර නියෝජ්‍ය අධ්‍යක්ෂක කළ පසුවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහුට පත්වීමක් ලැබුණත් ඔහු තනිව ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වූයේ එකක් හෝ දෙකක් පමණි. අනතුරුව ඔහු මණ්ඩලයක් සමග පවත්වන මාධ්‍ය හමු කිහිපයකට සම්බන්ධවූ අතර තමන්ට නොසලකා හැරීමක් කර ඇතැයි ඔහු යූටියුබ් නාලිකා වෙතද ඒ ගැන අදහස් පළ කර තිබුණි.
පසුගිය දිනවල කොරෝනා පාලනය සම්බන්ධ බරපතල ගැටලු මතුවුණ අවස්ථාවල ඔහු තනිව මාධ්‍ය ඉදිරියේ යළි පෙනී සිටිමින් එහි අන්තරායකාරී තත්වය ගැන සෘජු අදහස් දැක්වීමක් කරනු පෙනෙන්නට තිබුණි.
ඒ අනුව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බන්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම තනතුරින් ඉවත් කර ඇති අතර ඔහුට කිසිදු අදහසක් පළ නොකරන ලෙස දන්වා ඇත.
කොළඹ නගර සීමාවේ කොරොනා ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමට ළඟාවී ඇතැයි ඔහු අවසන් වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
එම ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ
0 Comments