කළුබෝවිල රෝහලේ 15 බී වාට්ටුවේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

එමෙන්ම

කොළඹ අපරාධ කොට්ඨාශයේ දෙදෙනෙකු / මෝදර හා දෙමටගොඩ පොලිස් ස්ථානවල දෙදෙනෙකු මෙන්ම වරාය පොලිසිය / මාලිගාවත්ත / මරදාන හා ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානවල එක් අයෙකු වශයෙන් ඊයේ දිනයේදි කොවිඞ් ආසාධිත පොලිස් නිලධාරීන් ලෙස තහවුරු වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.