මහනුවර නගරසීමාවේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා  තබන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.  


මේ වන විට
මහනුවර නගරයේ පවතින කොරෝනා තත්වය මුල් කරගනිමින් මෙම තීරණය ගෙන තිබෙයි.
ඒ අනුව මහනුවර නගරසීමාවට යටත්ව පාසල් 45ක් පමණ තාවකාලිකව හෙට දින සිට සතියකට වැසේ.
මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේද දන්වා ඇත.