
කෑගල්ල මහ රෝහලේ සේවය කරන ලද හෙද නිලධාරිනියකට, ඇගේ සැමියාට හා ඇගේ දරු දෙදෙනාට ද ‘කොවිඞ් 19’ ආසාදනය වීම නිසා ඔවුන් වරකාපොළ රෝහලේ පවත්වා ගෙනයන විශේෂ වාට්ටුව වෙත ඇතුළත් කර ඇති බව කෑගල්ල සෞඛ්‍ය අංශ පැවසීය.
මෙම හෙදියගේ ස්වාමි පුරුෂයා ගොවි ජන සේවා අංශයේ සේවය කරන අතර පසුගිය දිනක ටෙලිනාට්‍යයක රූගත කිරීමක් සඳහා මහනුවර ප‍්‍රදේශයට ගොස් ඇත. එහිදී ප‍්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළුවකු ඇසුරු කර තිබේ. ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට දැන ගැනීමෙන් පසු හෙදිය සහ ස්වාමි පුරුෂයා ද සැක සිතී පී. සී. ආර්. පරීක්ෂණයකට ලක්වී ඇත. එහිදී ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පසුව දරුවන් දෙදෙනා ද පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු ඔවුන්ට ද කොරෝනා ආසාදිත බව හෙළිවී ඇත.
හෙද නිලධාරිනිය සේවය කළ වාට්ටුවේ හා ගොවිජන සේවා කාර්යාලයේ ළඟින්ම සිටි අය පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කරන බව ද සෞඛ්‍ය නිලධාරියා පැවසීය.
මේ අතර කෑගල්ල සෞඛ්‍ය කොට්ඨාසයේ කොරෝනා රෝගීන් 207 දෙනකු සිටින බවත් තවත් 1295 දෙනකු නිරෝධායනය වන බත් එම නිලධාරියා පැවසීය.
කෑගල්ල - එම්. බී. පහලවත්ත
Comments
Post a Comment
Your comment will be visible after approval