මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස රැඳවියන් ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ තවත් අලුත් වාර්තා මේවනවිට ලැබී තිබේ. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කිරීමේදී මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇත. මෙම ගැටලුව මුලින්ම හටගත්තේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් කළ කලහයෙන් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී තිබුණි.
ඒ සා විශාල සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී තිබියදී තමන්ට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර නොගැනීම ගැන රඳවියන් ප්‍රශ්න කර තිබුණි.
එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරාද්දී මහර බන්ධනාගාරයේ නිළධාරින් වෙඩි තැබිමක් සිදු කර ඇතිඅතර ඒ අවස්ථාවේදී එක් රැඳවියකු මියයාම සිදුවිය.
එම මරණයත් සමග ඇතිවූ කෝලාහල තත්වය ඇතුළේ නිලධාරින්ට පාලනය කිරීම දුෂ්කර විය.
මෙහිදී තවත් රැඳවියන් පිරිසක්පළා යාමට උත්සහ කර ඇති අතර රැඳවියන් 3000ක් පමන සිරමැදිරි තුළින් එළියට පැමිණ කලහකාරි ලෙස හැසිරීමට පටන්ගෙන ඇත.
එම අවස්ථාවේ එක්තරා පිරිසක් බන්ධනාගාර නියාමක වරුන් ප්‍රාණ ඇපයට ගත් බව පැවසෙන අතර ඔවුන් මුදවාගැනීමට ආරක්ෂක අංශ වලට වෙඩි තැබීම් සිදු කරන්නට සිදුවිය. එම වෙඩි පහර නිසා තවත් 5 දෙනෙකු මියගොස් 37 ක් පමණ තුවාල ලැබීය.
මෙම අවස්ථාවේ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවන ලදි. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට හා ලේඛනාගාරයකට රැඳවූවන් විසින් ගිනි තබන ලද අතර ගින්න විශාල ලෙස පැතිරෙන්නට පටන්ගෙන තිබුණි. ගිනි නිවන හමුදා රථ 6 ක් යොදවා ගින්න පාලනය කරන ලදි.
ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද උදෑසන වන විටත් අවසන් වී තිබුනේ නැත.
මහර බන්ධනාගාරයේ මෙන්ම සෙසු බන්ධනාගාරවලද නිර්මාණය වී ඇති උණුසුම්කාරී තත්ත්වයන් පසුපස
ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට හෙළිදරව් වී ඇති බවත් මෙම තත්ත්ව පාලනය කිරිමට පියර
ගන්නා අතරේ ඔවුන් සම්බන්ධයෙන්ද අදාළ පියවර ගන්නා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහ
සිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ අතර පවසා තිබේ.
0 Comments