මහරගම අපේක්ෂා රෝහලට රෝගියකු එන්නේ නම් එක් පුද්ගලයකු සමඟ පමණක් පැමිනෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රටපුරා පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගීන් සඳහා මේ වනවිට අඩු වටිනාකමින්
යුත් ඖෂධ වර්ග 250ක් පමණ දිනපතා තැපෑලෙන් රෝගියාගේ නිවසට යැවීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා පවසයි.

සායන සඳහා රෝගීන් පැමිණීමට පෙර රෝහල අමතා සායන දින හා වේලාවන් කලින් වෙන්කරවා ගත යුතු අතර තම සායන අංකය රෝහලේ අංක - 0112850202-203 දුරකථන මගින් දැනුම්දිය යුතුවේ.

කිසිඳු රෝගියකු අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහලට නොපැමිණෙන ලෙසද රෝහල් අධ්‍යක්ෂවරයා මහජනතාවට දැනුම් දෙයි.

දිනපතා සායන සඳහා පමණක් මෙම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 700ක් පමණ වේ.
- ජයන්ත සමරකෝන් -