ගෝලීය අර්බුද රැසක් ඇති “කොවිඩි-19' හෙවත් නව කොරෝනා ගෝලීය වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් ඒවා යළියළිත් වැඩිදියුණු කෙරෙමින් තිබේ. මේ වනවිට ඇමෙරිකාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නත් දෙකක් සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ එන්නත සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ “කොවිඩි-19' එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ත පිටුපස ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකික විශේෂඥවරියක්ද සිටී. ආචාර්ය මහේෂි රාමසාමිය. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක වන අතර ඔක්සෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෛද්‍යවරියකි. ආචාර්ය මහේෂා රාමස්වාමි කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා ඇත. ලෝක ප්‍රකට විද්‍යා සගරාවක් වන ලාන්සර්” සඟරාවේ ‘කෝවිඩ්-19' වයිරසය, එන්ත්න, ආරක්ෂව හා ප්‍රතිශක්තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී
පළවූ අධ්‍යයනයේ ප්රමුඛ පර්යේෂකයා හා කතුවරයා වන්නේ ද ආචාර්ය මහේෂි රාමසාමිය.ආචාර්ය මහේෂි රාමසාමිගේ මවුපියන් ද ප්රමුඛ පෙළේ විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය රන්ජන් රාමසාමි සහ මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි, ඇගේ මවුපියෝ වෙති. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වර්ල්වි විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු කාන්තාව වන්නේද ආචාර්ය මහේෂි රාමසාමින්ගේ මව වන මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමිය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය වසරේදී (2012) සංවිධානය කළ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ ගෞරවාන්විත කථිකයා වූයේ ද ආචාර්ය මහේෂි රාමසාමිය.
ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත් අතර බෝවන රෝග සම්බන්ධයෙන් ලන්ඩන් හා ඔන්සේෆෙහිදී අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇත. ඇය ඔක්ස්ෆර්ඩ්හිදී විශ්වවිද්‍යාලයේ වඩම් විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා තිබේ.
හර්ෂණ තුෂාර සිල්වා
0 Comments