තවත් සේවක සේවිකාවන් 81 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමඟ සේවකයින් 5600 කට අධික සංඛ්‍යාවක් සේවය කරන හොරණ ගුරුගොඩ මාස් බොඩිලයින් ඇගලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 159 දක්වා ඉහළ ගොස් තිබෙයි.
එම කර්මාන්තශාලවේ සේවකයින්ට සිදුකළ PCR පරීක්ෂණ 2000කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිත බව හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.සී. සේනාරත්න කියා සිටියේය.
මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13227ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
0 Comments