කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය මර්දනයට පහසුකම් සලසා තිබියදී නාලන්දා රෝහල් හෙදියන් දෙදෙනාට කෝවිඩ් ආසාදිතව ඇත්තේ නොසැලිකිලිමත්කම හා එම අයගේ ආචාරධර්ම නොසලකාහැරීම හේතුවෙන් යයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා සේපාලි වික්‍රමතිලක මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය මෙසේ පැවසුවේ කෝවිඩ් 19 මර්දන මාතලේ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී නාවුල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මාතලේ දිසාපති කරුණාසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී 03 දා මෙම කමිටු රැස්වීම පැවැත්වුණි.
සභාපති සනත් දසනායක මහතා මෙහිදී කියා සිටියේ ලග්ගල කෝවිඩි 19 විශේෂ රෝහලේ විශේෂ රාජකාරියේ යෙදවූ නාලන්දා රෝහල් හෙදියන් දෙදෙනා පී.සී.ආර්. පරීක්ෂණයක් හෝ නොකර යළි සාමාන්‍ය රාජකාරියේ යොදවා තිබෙන බවය.
එම හෙදියන් දෙදෙනා කෝවිඩ් 19 ආසාදිතයත් බවට හඳුනා ගැනීමෙන් පසු එකී රෝහල් කාර්යමණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති වී රෝහල් සේවා අඩපණ වී තිබෙන බවද සභාපති සනත් දසනායක මහතා පැවසීය.
- එම්.ඩබ්. සෝමරත්න -
0 Comments