තම 24 හැවිරිදි සහෝදරයා විසින් 40 හැවිරිදි කාන්තාවක සමග පවත්වන ලද නොගැලපෙන ඇසුරකට අදාළ නිරුවත් ඡායාරුප වට්සැප් මාර්ගයෙන් වෙනත් පාර්ශ්වයකට යවා අත්තර්ජාල අපරාධයක් සිදුකිරීමේ වරදට තිහගොඩ පොලිසියේ ළමා හා කාත්තා කාර්යංශය මගින් සරසවි සිසුවියක් ඊයේ (9) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 40 හැවිරිදි කාන්තාවක් තංගල්ල තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව පරික්ෂණ ආරම්භ කර තිබුණි.


දික්කසාද වී සිටින එම කාන්තාව සැකකාර සරසවි සිසුවියගේ සහෝදරයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බව පොලිසිය කියයි.එම අවස්ථාවේ එම තරුණයා විසින් වීඩියෝ ගතකර මකා දමා තිබූ දර්ශන කිහිපයක් ඔහුගේ ජංගම දුරකතනයෙන් වෙනත් ආකාරයකට ලබාගෙන සැකකාර සිසුවිය ඇයගේ ජංගම දුරකතනයට පිටපත් කරගෙන තිබෙන බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඇය එම ඡායාරූප අදාල කාන්තාවගේ පුත්‍රයෙකු විවාහ වීමට නියමිතව සිටි පාර්ශ්වයක දැනගැනීම සඳහා ඔවුන්ගේ ඥාතියෙකුට වට්ස්ඇප් මගින් යවා තිබිණි.


ඒ සමගම අදාළ කාන්තාව ඉදිරිපත්  කළ පැමිණිල්ලකට අනුව පරිගණක  අපරාධ විමර්ශනය කරන තංගල්ල තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.  කේ.ඊ. හර්ෂක, සැරයන් (66038)  චමින්ද, කොස්තාපල්වරුන්වන (72360)  සුරංග හා (86585) සුනිමල් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලෙසට තිහගොඩ පොලිසියට දැනුම් දී තිබේ. නිරුවත් ඡායාරූප හුවමාරු වූ සිව් දෙනෙකුගේ ජංගම දුරකතන ද එම ඒකකය භාරයට ගෙන තිබූ අතර ඒ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත. සැකකාර සරසවි සිසුවිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 -ක්‍රිෂාන් ජීවක ජයරුක් -