මාවනැල්ල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක මනාල යුවළට සහ මනාලයාගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. මනාලයා කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියකු බව පැවැසේ. මෙම මංගල උත්සවයට කොළඹින් ගිය පුද්ගලයන් හතරදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පරික්ෂණවලින් තහවුරු වීමෙන් පසුව මනාල යුවළට සහ මනාලයාගේ පාර්ශ්වයේ පිරිසකට සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින්
මාවනැල්ල ප්‍රදේශයේ මනාලයාගේ නිවසේ ඉකුත් 22 වැනිදා පැවැති දෙවන දින උත්සවයට කොළඹින් ගිය පිරිස් සහභාගි වී ඇති බව ද පැවැසේ. ඊට සහභාගි වූ 120 දෙනකු නිරෝධායනයට ලක් කළ බව කෑගල්ල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා කීය. එම මංගල උත්සවය මනාලියගේ පාර්ශ්වය විසින් නිසි සෞඛ්‍ය උපදෙස් මත හෝටලයක සිදු කර ඇති බවටත්, මනාලයා නිසි සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව යමින් සිය නිවස තුළ දෙවන දින උත්සවය පවත්වා ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මංගල උත්සවයට එක්වූ පිරිසකට මත්වතුර ද ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මනාල යුවළට සහ මනාලයාගේ මවට කොළඹින් ගිය පිරිසෙන් කොරෝනා වයිරසය ආසාදනය වන්නට ඇති බව ද සැක කරයි. ආසාදිත වූ මනාලිය උඳුගොඩ රෝහලට යොමු කර ඇති අතර මනාලයා කෑගල්ල දිසාවේ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලකට ද යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් 151 දෙනකු වාර්තා වී ඇති අතර පුද්ගලයන් 3,031 දෙනකුට නිරෝධායනය වන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවැසීය.
0 Comments