ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උදුරා ගන්නා කිසිඳු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති, මර්දනකාරී රජයට කිසි විටෙක සහාය නොදෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. තමා රජයට සහාය දැක්වීමට යන බවට පළවන වාර්ත අසත්‍ය බව සඳහන් කරන මයන්ත දිසානායක මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
මයන්ත දිසානායක වන මා ඉදිරි කාලයේදී රජයට සහාය දැක්වීමේ සූදානමින් සිටින බවට වන අසත්‍ය සහ පදනම් විරහිත වාර්තා මේ වනවිට අන්තර්ජාලය හරහා සංසරණය වන බවට තොරතුරු ලැබී තිබේ. මෙය කිසියම් සංවිධානාත්මක කණ්ඩායම විසින් කරගෙන යන
මා සමගි ජත බලවේගයට එකතු වූයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන සම්පූර්ණ විශ්වාසයකින් වන අතර නුදුරු අනාගතයේදී ඔහුගේ නායකත්වය යටතේ ශක්තිමත් සහ ප්රගතිශීලී රජය පිහිටුවීමේ අරමුණ යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවී සිටිමි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ද ධෛර්යය ද කුසලතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සතුව ඇති බව මම තරයේ විශ්වාස කරමි.
එමෙන්ම අප පක්ෂයේ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේගයේ සභාපතිවරයා වශයෙන් රටේ අනාගතය භාරගත හැකි ජව සම්පන්න තරුණ පරපුරක් සමගි ජන බලවේගයේ ධජය යටතේ බලමුළු ගැන්වීම් කර්තව්‍යයට උර දී සිටිමි. එමෙන්ම විපක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සුරක්ෂිත කිරීමට ද ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම මැදිහත්වීම් කිරීමට ද දිවි හිමියෙන් කැප වී සිටිමි.
-අංජුල මහික වීරරත්න-
0 Comments