අද (9) සඳුදා සිට ඇඳිරිනීතිය හා සංචරණ සීමා ඉවත් කරන ප්‍රදේශ ප්‍රසිද්ධ කර තිබුණත් මේ වනවිට පොලිසිය මගින් නිකුත් කර තිබෙන එම  නිවේදන වල නොකියැවෙන නුගේගොඩ මිරිහාන පොලිස් කොට්ඨාසය තුළ පිහිටි වෙල්සිරිපුර, රාහුලපුර සහ ප්‍රගතිපුර යන ප්‍රදේශ නිසි ක්‍රමවේදයකින් තොරව තවමත් හුදෙකලා වී ඇති බව ප්‍රදේශවාසීන් විසින් අප වෙත දන්වා තිබේ.
ඉරිදා නිකුත් කළ මාධ්‍ය නිවේදන ප්‍රකාරව මෙම  ප්‍
රදේශවලට අද සිට ඇඳිරි නීතිය නැති ආකාරයට පුවත් පළවූ නිසා අදාළ ප්‍රදේශවල පිරිස් අද දින පිටතට යාමට උත්සාහ කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එය වළකා ඇති බව වාර්තාවෙයි.
    නිරෝධායන රෙගුලාසිවලට යටත්ව අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට සහ කර්මාන්තශාලා සේවකයින්ට BOI සහ EDB පෝරම යටතේ  අයදුම් කර පිටතට යාමට හැකිය යනුවෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය ප්‍රකාරව හෝ යාම වළකා ඇතැයි වාර්තාවේ.
මේ ගැන පොලිසිය නිසි පැහැදිලි කිරීමක් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව නොසතුටට පත්ව ඇත.