ඇමෙරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩෙර්නා (Moderna Inc.) සමාගම මගින් ඉදිරිපත් කළ COVID-19 වෛරසයට එරෙහි එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සමාගම පවසයි.
 
ඒ අනුව මේ වනවිට COVID-19 වෛරසයට එරෙහිව සාර්ථක බවක් පෙන්නුම් කළ බවට පවසන දෙවැනි ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගම බවටද ඔවුන් පවත්ව තිබේ. මීට පෙර එරට ෆයිසර් (Pfizer) සමාගමද සිය එන්නතේ 90%ක සාර්ථකත්වයක් පිළිබඳව කරුණු සඳහන් කර තිබුණි.


මොඩෙර්නා සමාගම පවසන ආකාරයට මෙම එන්නතේ අවසන් අදියරේ සායනික පරික්ෂාවන්හිදී මෙම ප්‍රතිඵලය ලැබී තිබේ. ඒ අනුව එම එන්නත මගින් COVID-19 වෛරසයට එරෙහිව 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මොඩෙර්නා සමාගමේ සභාපති ස්ටීවන් හොග්, COVID-19 වෛරසය නැවැත්විය හැකි එන්නතක් ළඟදීම අපිට ලැබෙන්නයි යන්නේ.” යනුවෙන් සඳහන් කර තිබේ.

මෙහිදී මොඩෙර්නා සමාගම මේ දක්වා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 30,000ක පමණ පිරිසකට එන්නත විද ඇත. ඔවුන් අතරින් එන්නත් අවසන් අදියරේ සායනික පරික්ෂාව සඳහා සම්බන්ධ වූ 95 දෙනෙකු යොදාගෙන ඇති අතර, ඒ අතරින් මෙම එන්නත ලබාදුන් 5 දෙනෙකු තුළ පමණක් එවැනි ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කළ බව පැවසෙයි. මෙහිදී දින 28ක කාලයකදී ඔවුන්ට එන්නත් දෙක බැගින් ලබා දී ඇත. ඒ අනුව මෙම එන්නතේ සාර්ථකත්වය 94.5%ක් බව සමාගම පවසයි.

සමාගම පවසන ආකාරයට මෙම එන්නත නවතම තාක්ෂණයක් පදනම් කරගනිමින් නිපදවා තිබේ. ඒ අනුව messenger RNA ලෙස හැදින්වෙන කෘත්‍රිම අණුක සංස්කරණයක් මිනිස් සෛල වෙත ඇතුළු කරමින් එම සෛල එනත්සාරය නිපදවන කර්මාන්තශාලා බවට පත් කෙරෙන බවත් සඳහන් වෙයි.