ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින්
නව සාමාන්‍ය තත්ත්වයට රට අනුවර්තනය වීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බවද ඔහු කියයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ තම නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

නිරෝධායන නීති මාලාවක් යටතේ මෙම තරඟාවලිය පැවැත්විම සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා කර තිබේ.