පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් කොළඹ නන්දා මෝටර්ස් වාහන අංගනයට කඩා වැදුණ මෝටර් රථය පැදවූ රෙෂානි මලිෂා රත්නායක නමැති 20 හැවිරිදි තරුණිය පොලිසියට කළ ප්‍රකාශය හා ඇය ගැන පුවත්පතක් අමතමින් ඇගේ පියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක පැවසූ අදහස් ඉරිදා පුවත්පත් මගින් වාර්තා කර තිබේ. ඒවා මෙසේය.
පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටින රෙෂානි මෙසේ කියන්නීය.
‘‘අම්මයි තාත්තයි එක්ක මම ගිය ඉරිදා කොළඹ මගේ යාළුවෙකුගේ ගෙදරට ආවා ඔන් ලයින් පන්තියකට සහභාගි වෙන්න. මාව ගෙදරට ඇරලවල ඔවුන් යන්න ගියා. ඊට පස්සෙ අපිට පැය භාගයක පමණ විවේකයක් ලැබුණා. මම යාළුවොත් එක්ක කෝපි බොන්න එළියට ගියා. ක
මම මගේ යාළුවොන්ට කිව්වා මාව ඇරලවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කුලී රථය කැන්සල් කරලා යාළුවගේ ජීප් රථය ළඟට ආවා. මට ඒ වාහනය දැක්කාම ආස හිතුණා. මම ඒ වාහනය හිමි යාළුවා සම්රාස්ගෙන් ඉල්ලුවා මට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා. මට ඔහු යතුර දුන්නා. තව යාළුවෙක් හිටිය උස්මාන් කියලා. එයා පිටුපස වාඩු වුණා. සම්රාස් ඉස්සරහ සීට් එකේ හිටියා. ඒ වෙලාවේ මගේ වම් අතේ මොබයිල් එක තිබ්බා. මගේ වම් පැත්තෙන් එකපාරටම ලොරියක් වේගයෙන් ඉස්සර කරගෙන ගියා. ඉදිරියෙන් වංගුව තිබුණ නිසා එය ලොකු රවුමක් නිසා ෆෝන් එක බිමට අතහැරල වංගුව ගන්න ගියත් ස්ටිරියන් එක ලොක් වුණා වගේ දැනුණා.
ඉදිරියේ තිබූ ගොඩනැගිල්ල තුළට කඩාගෙන ගිහින් වාහනය නැවතුණා. මගේ යාළුවා සින්ඩි හිටියේ වෙනත් වාහනයක එයත් ඒ වෙලාවේ එතැනට ආවා. මට බය හිතුණා ඒ නිසා මම එතැන වාඩි වෙලා හිටියා. මට ලයිසන් නැහැ කියලා සම්රාස් දන්නෙ නැහැ. ඒ වුණාට මට හොඳට වාහන එළවන්න පුළුවන්’’ ඇය කුරුඳුවත්ත පොලිසියට පවසා ඇත්තේ එසේය.
රෙෂානිගේ පියා වන නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක
‘‘ඕනෑම කෙනෙකුගේ අතින් අනතුරු වෙන්න පුළුවන්. මේ අනතුර විශේෂ වෙන්නේ මම කරන රැකියාව සහ මගේ තනතුර අනුව මෙය මාධ්‍යයට විශේෂයි.
මම කිසිම දිනක මගේ දරුවන්ට වැරැදි කරන්න ඉඩ දීලා නෑ. ඔය සිදුවීම වුණු දිනයේ මම එයාට යාළුවෙක්ගෙ ගෙදර යන්න අවශ්‍යයි කියූ නිසා ගෙනිහින් ඒ ළමයින්ගේ ගෙදර ගිහින් බැස්සුවා. එතැනට පැමිණි එයාලත් එක්ක එකට අධ්‍යාපනය ලබන යාළුවෙක්ගෙ තමයි අනතුර වෙලා තිබෙන ජීප් රිය. දුව වාහනවලට ආසයි. ඒ නිසා තමයි යාළුවගෙන් ඉල්ලගෙන ඩ්‍රයිව් කරලා තියෙන්නේ.
මට සිදුවීම ආරංචි වුණු ගමන් මම පොලිසියට ගිහින් දුවට පහරවල් කිහිපයක් ගැහුවා. ඒ තාත්තා කෙනෙක් හැටියට මට දුව කළ වැඩේ ගැන ඇති වූ කේන්තියට. 2019 අවුරුද්දේ පුතාගේ අතිනුත් අනතුරක් වුණා. ඒ අවස්ථාවේදීත් මමම තමයි පුතාව ගිහින් බම්බලපිටිය පොලිසියට භාර දුන්නේ. එදත් වුණේ වාහනය පදවපු කෙනා මත්පැන් පානය කරලා සිටි නිසා මගේ පුතා තමයි වාහනය අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිගෙ යතුරුපැදිය ගැටිලා අනතුර වුණේ.
ඒ වෙලාවේ තිබුණු පාලන ක්‍රමයත් එක්ක මගේ පුතත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දරුවත් සිටි නිසා විවිධ තැන්වලින් බලපෑම් ආවේ මන්ත්‍රීවරයාගේ පුතාගේ නම කියන්න කියන එකයි. මම දරුවන්ට බොරු කියන්න උගන්වල නැහැ. ඒ නිසා පුතා ස්ව කැමැත්තෙන් ඇත්ත පවසා සිටියා. කිසිම විටක මම පොලිසියට බලපෑම් කරලා නැහැ. සමාජ මාධ්‍යවලින් අනතුරට පත් වූ කාර් රථය මගේ කියලා ප්‍රචාරය කරලා තියෙනාව. මට එවැනි මිල අධික වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නැහැ. වාහනය මගේ කියන එක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්. මගේ දුව වැරැද්දක් කළා. එය දැන් අධිකරණයේ විභාග වන දෙයක්. අධිකරණයෙන් ලැබෙන ඕනෑම තීන්දුවක් බාර අරගෙන ඉදිරි කටයුතු කරනවා.'
0 Comments