98 වන වියේ පසුවු රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වූහ.
පසුගිය කාලයේ රෝගාතුරව උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය අතර අද දින අපවත් විය.
මහනුවර - මැණික්හින්න - හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස මින් පෙර වැඩ විසූ
උන්වහන්සේ මීට පෙර රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝ නායක ධුරය හොබවනු ලැබු අතර 2012 වසරේ සැප්තැම්බර් 3 වනදා සිට අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහානිකායේ මහනායක ධුරයට පත්ව කටයුතු කළහ.
0 Comments