රජය මගින් නිරෝධායනයට ලක්වන පවුලකට ලබාදෙන රුපියල් 10,000ක ආහාර මල්ල නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදීම ඉකුත් දා සිදුකෙරිණි. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිරිපිටිය බටහිර, බටුවංගල, පනාගොඩ, පන්නිමුල්ල ග්‍රාම නිලධාරි වසම්වල අතිදුෂ්කර ගම්මානවල පදිංචි පවුල් දාහතරක් සඳහා එසේ ආහාර මලු බෙදා දීම සිදුකෙරිණ. නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එන්. මිහිරි පෙරේරා මහත්මිය ඇතුළු කාර්යාලයීය නිලධාරිහු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එන්. මිහිරි පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීන් අතිදුෂ්කර මාර්ග ඔස්සේ පා ගමනින් උස් කඳු මුදුන්වල පිහිටි නිවාසවලට ගොස් ආහාර මලු බෙදා දීම පිළිබඳව සියලුදෙනාගේ ප්‍රසංශාව හිමිවිය.
සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එන්. මිහිරි පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරින් අතිදුෂ්කර මාර්ග ඔස්සේ පා ගමනින් උස් කඳු මුදුන්වල පිහිටි නිවාසවලට ගොස් ආහාර මලු බෙදා දීම පිළිබඳව සියලුදෙනාගේ ප්‍රසංශාව හිමිවිය. නෙළුව සහකාර ප්‍රාදේශීය ලේකම් මිහිරි පෙරේරා, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක සමන්ත, කළමනාකාර සහකාර චන්දන ගමගේ, සමෘද්ධි මූලස්ථාන සම්බන්ධීකාරක සිඩිනි වන්නිආරච්චි, ආනන්ද ගමගේ, සරත් චන්ද්‍ර සංවර්ධන අංශය, ග්‍රාම නිලධාරි ජේ.ඩී. පුෂ්පකුමාර, ජගත් ත්‍රිමාවිතාන, කෞශල්‍යය, එම්.කේ.එස්. දයානන්ද, නෙළුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් වන ජේ.ඒ.වී.ජී. ජයකොඩි, ඒ.සී.පී. අබේනායක, ඩබ්ලිව්.ටී. රසාංග සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රියැදුරු සුජීව ප්‍රියන්ත සම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු නෙළුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සමන් කුමාර, තිලක් ගමගේ යන මහත්වරු ද එම අවස්ථාවට එක්වූහ.
-පියරත්න ජයවික්‍රම-
0 Comments