නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පොදු ප්‍රවාහනයේදී මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් වලදීද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කෙරී ඇතැයි එරට සෞඛ්‍යා බලධාරීන් පවසා තිබේ.
සමාජය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් හමුවීමත් සමඟ රජය මෙම තීරණය ගෙන තිබේ. පසුගිය සතියේදී එරට තුළ සිසුවෙකු නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟ මෙම අනාවරණය සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස්, “වෛරසයට එරෙහිව සිදුකරන කටයුත්තේදී මුඛ ආවරණ පැලඳීම කියන කාරණාවත් ඇතුළත් කිරීම මේ අවස්ථාවේදී වෛරසයෙන් වැළැකීමට ගන්න පුළුවන් හොඳම පියවරයි." යනුවෙන් පවසා තිබේ.
ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට මෙම මුඛ ආවරණ පැලඳීමේ නීතිය අනිවාර්යය කෙරෙන අතර, වයස අවුරුදු 12ට වඩා වැඩි වයසේ පසුවන ඕක්ලන්ඩ් වැසියන් නගරය තුළ මෙන්ම නගරයෙන් පිටතටත් සිදුකරන ගමන්වලදී මුඛ ආවරණ පැලඳිය යුතුය. එසේම කුලී රථ රියැදුරන්ද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය වෙයි.
මෙහිදී මුඛ ආවරණ නීතිය පිළිබඳ නිරීක්ෂණය කිරීම පොලීසිය වෙත භාරදී තිබේ.
0 Comments