ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මියයන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.


නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් ලුහුබැඳ යාමේදී ආණමඩුව නගරයේ ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් රථයෙන් ගමන්කළ අනෙක් නිලධාරියාද තුවාල ලබා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත නැමති එක් දරු පියෙකි.

ඔහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ කාන්තා උප පොලිස් පරික්ෂකවරියකි..

ආනමඩුව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.