පැල්මඬුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේ පදිංචි   කොළඹ  රෝහලක   සේවයේ නිරත හෙදියකට  
කොරෝනා ආසාදිතවීම නිසා ඉහළ  බෝපිටිය ප්‍රදේශයේ  පුද්ගලයන්  26 දෙනකු  ස්වයං නිරෝධායනයට
ලක් කර තිබේ.


ඇයගේ රෝගය තහවුරුවීමට පෙර එනම්  දින දහයකට පෙර ඉහළ  බෝපිටිය පිහිටි තම නිවෙසට පැමිණ ඇති
බවත් එම කාලය තුළ තැන් කිහිපයක සංචරණය කර ඇති බවට  පැල්මඬුල්ල සෞඛ්‍ය අංශ විසින් තහවුරු
කරගෙන  තිබේ. ඒ අනුව නිවාස හයක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මේ වනවිට පළමු පෙළ ආශ්‍රිතයන් 18ක්ද දෙවැනි පෙළ ආශ්‍රිතයන් 08ක් හඳුනාගෙන ඔවුන් ස්වයං
නිරෝධායනයට ලක් කර ඇතැයි පැල්මඬුල්ල   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඇයගේ පළමු පෙළ ආශ්‍රිතයන්  පී.සී.ආර්.  පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවද  සෞඛ්‍ය අංශ පවසයි.


කහවත්ත - එල්. නිරෝෂණ