
පානදුර වෙරල තීරයට තල්මසුන් රංචුවක් ගොඩ ගසා ඇති අතර තල්මසුන් දැක බලා ගැනීම සඳහා ජනතාව මහ පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ.
අඩි දහයත් විසිපහත් අතර
කෙටි වරල් නියමු තල්මසුන් – Short-finned Pilot Whales (Globicephala macrorhynchus) නමින් හැඳින්වෙන මෙම මසුන් සියයකට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා විය.
මුහුද යට ක්‍රියාත්මක අධිබල ශබ්ද නිකුත් කරන සෝනාර් (sonar) යන්ත්‍ර මෙන්ම මුහුද යට සිදු වන භූ විද්‍යාත්මක කැළඹීම් නිසා මෙම තල්මසුන් අතරමං වී ඇති බව වාර්තා වේ.
එහිදී ඔවුන් ශබ්ද තරංග භාවිතයට (ecolocation) ගෙන තම අනෙක් සාමාජිකයන් පසුපස යමින් මාර්ගය සොයා ගන්නා බවත් මෙම මුහුද යට ක්‍රියාත්මක අධිබල ශබ්ද හේතුවෙන් ඔවුන් අතරමං වන බවත් පැහැදිලි කර තිබේ.
මීට වසර කිහිපයකට පෙර සාම්පූර් වෙරලටද මෙවැනි අයුරින්ම තල්මසුන් ගොඩ ගසනු ලද බව සඳහන් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval