පානදුර වෑකඩ කුලියට ගත් ගොඩනැගිල්ලක විදුලිය භාවිත කරමින් කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය බව කියන ප්‍රධාන ජාවාරම්කරු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනා ගෝඩා සහ උපකරණ සමග පෙර්දා (16) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
මත්පැන් ස්පීතු බෝතල් 450ක් බැරල් 40 බහා තිබූ ගෝඩා මිලිලීටර් 80 ලක්ෂයක් පමණක්, සීනි කිලෝ 50 මිටි 5ක්, ඊස්ට් පැකට්,
ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට බව පවසා මීට සිව් මසකට පමණ ඉහතදී මාසිකව රුපියල් 125000 ක කුලී පදනම මත මෙම තෙමහල් ගොඩනැගිල්ලෙහි දෙවන මහල ලබාගෙන තිබූ මෙම සැකකරු ඉතා සූක්ෂම අයුරින් මෙම කසිප්පු ජාවාරම මහා පරිමාණයෙන් කර ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
බැරල් එකිනෙක සම්බන්ධ වන ආකාරයෙන් ප්ලාස්ටික් පයිප්ප බට සම්බන්ධ කර තිබූ බව පොලිසිය කියයි.
වැටලීම සිදු කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ල හිමිකරු එම ස්ථානයට ගෙන්වා ඒවා පෙන්වා ප්‍රශ්න කිරීමේදී ඔහු මේ පිළිබඳ කිසිඳු දෙයක් නොදන්නා බවත් ප්‍රකාශ කළ බව පොලිසිය පැවැසීය.
ගොඩනැගිල්ලේ හිමිකරු ව්‍යාපාරික ස්ථානයක් පහත මහලේ පවත්වාගෙන යන අතර ඉහළ මහලේ ඔහු අඹුදරුවන් සමඟ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ පෙරන මත්පැන් පානදුර, මොරටුව, ගල්කිස්ස, බණ්ඩාරගම, වාද්දුව, කළුතර ආදි ප්‍රදේශ ගණනාවකට බෙදාහැර ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූවෙකු බව පොලිසිය පැවසීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -
0 Comments