කොවිඩ් වයිරසයට ගොදුරු වූ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණ කාර්යාලයේ සේවකයන් සිවුදෙනකු පෙරේදා (07දා) පොළොන්නරුව, මින්නේරිය ධීවර සංස්ථාවේ නිවාඩු නිකේතනයේ සිටියදී සොයා, ගත් බව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඉකුත් 5 වැනිදා පස්වරුවේදී කොළඹ සිට ධීවර සංස්ථාවට අයත් ලොරි රථයකින් හත් දෙනකු මින්නේරියේ ධීවර සංස්ථාවේ පිහිටි නිවාඩු නිකේතනයට පැමිණ තිබේ.
මේ පුද්ගලයන් පිළිබඳ සැක කළ ප්‍රදේශවාසීන්
හිඟුරක්ගොඩ සෞඛ්‍ය කාර්යාලයට දැනුම්දී ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි වෛද්‍යවරු ඇතුළු මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරු එම පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා සිටියදී එම පුද්ගලයන් පෑලියගොඩ මාළු
වෙළෙඳ සංකීර්ණ කාර්යාලයේ සේවකයන් බව තහවුරු වී තිබේ. ඒ අනුව සොයා බැලීමේදී එම පුද්ගලයන්
7දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක්කර තිබූ අතර එම පිරිස දින 14ක් නිරෝධානයට ලක් කරන ලෙස
දෙමටගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු සංස්ථාවේ නිලධාරීන්ට දිනුම්දී ඇත.
සෞඛ්‍ය අංශ පැවැසුවේ පසුගියදා මෝදරදී පුද්ගලයන් 07 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ කර තිබූ අතර
එහි ප්‍රතිඵල පැමිණීමට පෙර මෙම පිරිස කිසිවකුටත් නොදන්වා පොළොන්නරුව, මින්නේරිය ධීවර සංස්ථාවට
අයත් නිකේතනයකට ධීවර සංස්ථා රථයකින් පැමිණ ඇති බව තහවුරු වී තිබේ.
පී.සී.ආර්. පරීක්ෂණ අනුව මින්නේරියට පැමිණ සිටි හත් දෙනාගෙන් සිවු දෙනකුට වයිරසය ආසාදනය වී
ඇති බව සෞඛ්‍ය අංශ වෙත තහවුරු වීමෙන් පසු එම පස් දෙනා වැලිකන්ද කොවිඩ් - 19 විශේෂිත
ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
හිඟුරක්ගොඩ - ප්‍රියා
0 Comments